සීරෝ (zero) පුරාජේරුව
හතර අතේ වයස ගිහින්
අවා ඉතින් ඊ පැක්
කට්ටි දෙකක් එකට
ආපු නිසා උනා සීරෝ(zero)
අනික් උන්ට අපි
කිව්වේ උඹලා ඉතින් මයිනෝ
මොනා කරන්නද
මල්ලියේ උන්නා එකට ෆුල් පැක්
හරිම සුන්දරයිනේ
මචෝ රැග් සීසන් කලේ
පළමු දවසේ
රාත්තිරිය මතකද බං රාලේ
මුණේ තිබ්බ උඩු
රැව්ලත් කැපුවනේ රැ ජාමේ
ජේමාගේ ගොන් පාර්ට්
අනේ සමරු ඵලක වගේ
කමලයාගේ
සිල්වෙස්ටර් විප්ලවේ මතක් කරගන්
බස් දුසිමක් එක්ක
ගියා රැ ජාමේ මල ගම්
පහු වෙනිදා ලෙක්චර්
අපි කරලා ඉතින් කැන්සල්
ඩින් ලොක්ක බැනපු
බනිලි ටිකක් මතක් කරපං
"හිනැහේවි බෝනික්කා" සූරියාගේ
සින්දු
තිතටම මත ලබා
දුන්නු දරය මගේ රූමා
හැම හට මඩ බෙදා දුන්නු බිල්ඩා රටේ නැහැ දැන්
තඩියාගේ ශිෂ්‍ය සටන්
උඹලට මතකද බං
නෝනා පොල්ල දාල
ඉතින් මේක (MECH) තෝරපු ජික්කා
සදහට දුක් සින්දු
කියපු රෙන්ගා කොහෙද නෑ බං
"චේ" ත් භය උනානේ අනේ
"තෙන්නේට" අපේ රැඩිකල්
වංසයාගේ
"සියලු බැලන්ස්" වැඩත් අමරණීයයි
බොරු නොකිව්ව
ගජයාගේ බින්න අලංකාරයි
වලවල් හොය හොයා බැස්ස ප්රෝපා අපේ යාළු
කිසිදා වලවල්
නොබස්ස කට්ටියකුත් හිටියා
Bsc අරගෙන උන් පැණිදෙණියෙන් බැස්සා
මඩ තලි තලි එකතු
කරපු J ආරේයා මතකයි
කාටත් සමසේ සලකපු
නෙල්ලි කැලේ ධර්මේ
මිල්ටන්ගේ සින්දු
වලින් කණ පුරවපු ශේරිෆා
හීන් හඩින් සින්දු
කියපු රාජ්ගේ බන, අහන්ඩ හරි ආසයි
කවදත් හිත හොඳට තිබ්බ, පුසා අපේ මිතුරා
තඩියා එක්ක
සංගමිත්තා පැදාපු හැටි මතකයි
කැම්පස් වැට මායිම්
අපි සොයා බැලුවේ හවසයි
කොහොම උනත් ඒ කලේ
මීට වඩා මාරයි
හැමෝ ගැනම කතා
ලියන්නට මං හරි අසයි
අතලොස්සක් ගැන නම්
මට ලියන්න හරි ලැජ්ජයි
තව සමහරු ගැන
ලිව්වොත් පවුල් ප්‍රශ්න ඇතිවෙයි
අනේ ඉතින් තව
ලිව්වොත් යාලුවෝ මට නැති වෙයි
එක එකාගේ පුරාජේරු
කතා වැලට මතකයි
මේවා දිගට ලියන්න
බෑ
මමත් ඉතිං
වයසයි..............
සම්පත් ගොඩමුන්නේ
😍
ReplyDelete